වසර ගණනාවක විශ්වාසනීයත්වය සමඟින් ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් එළි දකී.

05-Dec-2018

2018  සැප්තැම්බර්  20,  කොළඹ,  ශ්‍රී  ලංකාව:  මෙල්ස්ටා  රීගල්  ෆයිනෑන්ස්  (Melsta  Regal  Finance)  සමාගමේ  අයිතිය  Melstacorp  PLC සමාගමෙන් Bluestone1  පුද්ගලික  සමාගම  අතට  පත්වීමෙන් පසුව,   කොළඹ   සිනමන්   ග්‍රෑන්ඩ්   හෝටලයේ   ඊයේ   දින   පැවැති   උත්සවයකදී,   මෙල්ස්ටා   රීගල් ෆයිනෑන්ස් සමාගම  නව  සන්නාම  අනන්‍යතාවයක්  සමඟින් ෆින්ට්‍රෙක්ස්  ෆයිනෑන්ස්  ලිමිටඩ්  (Fintrex Finance  Limited) ලෙස  නිල  වශයෙන්  එළි දැක්විණි. ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස්  සමාගමේ  නව හිමිකාරීත්වය   පිටුපස   සුප්‍රකට   ආයෝජකයන්   කිහිප   දෙනෙකු   සිටින   අතර   එයට   ලොව  රක්ෂණ ක්‍ෂේත්‍රයේ  දැවැන්ත  සමූහ  ව්‍යාපාරයක්  වන  ෆෙයාෆැක්ස්  (Fairfax)   සමාගම  70%  ක  හිමිකම්  දරණ අතර MAS සහ Hirdaramani සමූහ ව්‍යාපාර එකතුව 24% ක කොටස් හිමිකාරීත්වයක් දරයි.

ෆින්ට්‍රෙක්ස් සමාගමේ  ආයෝජකයන්  නියෝජනය  වන  පරිදි  එම  සමාගමේ  අධ්‍යක්‍ෂ  මණ්ඩලයට, මෙරට   ව්‍යාපාර   ක්‍ෂේත්‍රයේ   දිගුකාලීන   අත්දැකීම්   සහිත   කීර්තිමත්   ව්‍යවසායකයන්   වන   අජිත් ගුණවර්ධන  (සභාපති), රොනී පීරිස් සහ ශන්තනු නාග්පාල් යන මහත්වරු පත් කර තිබේ.

උත්සවයේදී  අදහස්  දක්වමින්  සභාපති  අජිත්  ගුණවර්ධන  මහතා  පැවසුවේ ෆින්ට්‍රෙක්ස්  යන  නාමය, Financial  Entrepreneurship   (මූල්‍ය  ව්‍යවසායකත්වය)  සහ Experts  (ප්‍රවීණයන්)  යන  වචන  වල සුසංයෝජනයක්   බවයි.   එය,   ෆින්ට්‍රෙක්ස්  සමාගම   සෙසු   සමාගම්   වලින්   වෙන්කර   දක්වන   කැපී පෙනෙන  සාධකයක්  ද  වේ.  තවද  නව  සන්නාම  අනන්‍යතාවය  හරහා  තම  ගනුදෙනුකරුවන්  වෙත උපරිම   සේවාවක්   සපයමින්   මෙරට   මූල්‍ය   සේවා   ක්‍ෂේත්‍රය   තුළ   ඉතා   ක්‍රියාශීලීව,   කඩිසරව   හා නම්‍යශීලීව  කටයුතු කිරීමට එම සමාගම සතු හැකියාව මැනවින්  පෙන්වා දෙයි.

වැඩිදුරටත්   අදහස්   දැක්වූ   ගුණවර්ධන   මහතා   පැවසුවේ,   මෙරට   නවක   ව්‍යවසායකයන්   සහ   සළු පරිමාණ   ව්‍යාපාර   නගා   සිටුවීම   සඳහා   මූල්‍ය   සහය   සැපයීම   කාලීන   අවශ්‍යතාවක්   බවයි.   රටේ ආර්ථිකයට  දායකත්වයක්  ලබාදීමේ  හැකියාව  සහිත  මෙම  ව්‍යාපාර  වලට  වඩාත්  හොඳින්  ගැළපෙන ආකාරයේ  වෙළඳ  මූල්‍ය  සේවා,  කල්බදු  සේවා,  ණය  ආදිය  පමණක්  නොව,  එම  ව්‍යාපාරිකයන්  තුළ ඉතිරි කිරීමේ පුරුද්ද  වර්ධනය කරවීමට ද සමාගම  සූදානමින් සිටී.

මෙහිදී  අදහස්  දක්වමින්  සමාගමේ  ප්‍රධාන  විධායක  නිලධාරිනී  තමාරා  ධර්මකීර්ති  හේරත්  මහත්මිය පෙන්වා  දුන්නේ  විශ්වාසනීය  ශ්‍රී  ලාංකික  සමාගමක  අයිතිය  යටතේ  පැවති  මෙම  සමාගම  තවත් විශ්වාසනීය    ජාත්‍යන්තර    සමාගමක්    යටතට    පත්වීම,   ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස්    සමාගමට    තම ඉලක්කයන් සපුරාගැනීමට විශාල ශක්තියක් හා රුකුලක්  වී ඇති බවයි.

ක්‍ෂේත්‍රයේ  පිළිගත්  නවීන  ක්‍රමවේද  තුළින්  තම  සමාගම  මූල්‍ය  ක්‍ෂේත්‍රයේ  විශිෂ්ටයෙකු  බවට පත්කිරීමේ අරමුණ   සාර්ථක   කිරීමට   තම   සේවා නියුක්තිකයන්   දිරිගැන්වීම,   අජිත්   ගුණවර්ධන   මහතා   ප්‍රමුඛ අධ්‍යක්‍ෂ  මණ්ඩලයේ  ප්‍රධාන අරමුණ  වී  ඇත.  මේ  සඳහා,  නව  ලොව  තරඟකාරී  වෙළඳපළට  ගැළපෙන තාක්‍ෂණික  දැනුමින්  හා  කුසලතාවන්ගෙන්  පරිපූර්ණ  කාර්ය  මණ්ඩලයක්  බිහි  කිරීම  සඳහා  ඔවුන් ට මනා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් ද ෆින්ට්‍රෙක්ස් සමාගම  සිය  අවධානය යොමු  කර තිබේ.

නූතන   ගනුදෙනුකරුවන්ගේ   අවශ්‍යතා   හඳුනා   ගනිමින්,   නව   ව්‍යාපාරික   ගනුදෙනු   සඳහා   අවශ්‍ය සේවාවන්  නවීන  තාක්‍ෂණය  හරහා  වඩාත්  කාර්යක්‍ෂමව  සැපයීම, ෆින්ට්‍රෙක්ස්  ෆයිනෑන්ස්  සමාගමේ ප්‍රමුඛතම  ඉලක්කය  වේ.  එමෙන්ම  ඩිජිටල්කරණය  ඔස්සේ  පරිසරයට  ඇතිවන  බලපෑම්  අවම  කරමන්  සමාගම තම පාරිසරික  තිරසාර සමාගමක් බවට පත් කිරීමට ද එම සමාගම කැප  වී සිටී. 

තම  කොටස්කරුවන්  හා  සබැඳි  ආයතන  හා  එක්ව  කටයුතු  කරමින්  උපායමාර්ගික  හවුල්කාරීත්වයන් ගොඩනගා  ගනිමින්  මෙරට  මූල්‍ය  ව්‍යාපාරික  සේවාවන්  අතුරෙන්  ක්‍ෂේත්‍රයේ  ඉහළම  පිළිගැනීම  ඇති සමාගම  වීමේ අරමුණ පෙරදැරිව  ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් සමාගම  කටයුතු කරනු ඇත.