හැඳින්වීම


'Fintrex Finance Limited' හි හිමිකාරීත්වය Bluestone 1 (Pvt) Limited සමාගම සතු වන අතර සභාපති අජිත් ගුණවර්ධන මහතා, රොනී පීරිස් මහතා සහ ශන්තනු නග්පාල් මහතා වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නියෝජනය කරනු ලබයි.


Fintrex ආයතනය Melsta Regal Finance Ltd ලෙස මුලින් හඳුන්වන ලද අතර එය Melstacorp PLC විසින් පූර්ණ හිමිකාරීත්වය දරණ ලද අනුබද්ධිත ආයතනයක් විය. එහි හිමිකාරීත්වය විශ්වාසදායක ශ්‍රී ලාංකික සමාගම් සමූහයක සිට තවත් විශ්වාසදායක බහුජාතික සමාගමකට මාරු වූ අතර ඉන් Fintrex ආයතනයට තම ආයතනික අරමුණු සපුරා ගැනීම සඳහා අඛණ්ඩව ඉදිරියට යාමට ශක්තිය ලබා දෙන ලදි.
Fintrex යන නාමය 'මූල්‍ය ව්‍යවසායකයින්' සහ 'විශේෂඥයින්' යන වචන එකට එක් කර නිර්මාණය කරන ලදි. ආයතනය තරඟකාරීත්වයෙන් ඉහළට ඔසවා තබන ප්‍රබල සුසංයෝගය ඉන් විද්‍යාමාන වේ. නව සන්නාම අනන්‍යතාවය ගනුදෙනුකරුවන් වෙත වැඩි වටිනාකමක් ලබා දීම‌ට සිය ප්‍රයත්නයන් වඩාත් පුළුල් කිරීම සඳහා කණ්ඩායමේ වන විභවය පෙන්නුම් කරයි. එමෙන්ම එය ක්‍රියාව, වේගය සහ කඩිසර බව සඳහා පැහැදිලි නැඹුරුවක් ඇති බවද පෙන්නුම් කරයි.


ආයතනය පවතින හොඳම වෙළඳ භාවිතයන් අනුගමනය කරන බවට සහතික කිරීමට සහ ආයතනයේ සියලු සේවකයින් හට ඔවුන්ගේ රාජකාරියේ විශිෂ්ඨයන් බවට පත්වීමට දිරිමත් කිරීමට ආයතනයේ නායකත්වය අඛණ්ඩව අවධානය යොමු කරයි. මේ සඳහා නිරන්තරයෙන් වෙනස්වන සුළු හා තරඟකාරී වාතාවරණයක් තුළ තරඟකාරීව සිටීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා කුසලතාවන්ගෙන් ඔවුන් සමන්විත කිරීම සඳහා පුහුණුව හා කුසලතා සංවර්ධනය කෙරෙහි ආයතනය වැඩි අවධානයක් යොමු කරනු ලබයි.


Fintrex හි අනාගත සැලසුම වන්නේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා සහ අලුතින් මතු වන ව්‍යාපාරික ගනුදෙනු ප්‍රවණතා සහ නවීන සේවාදායකයින්ගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා තාක්‍ෂණය නිසි ලෙස භාවිත කිරීමයි. එමෙන්ම ඩිජිටල්කරණය තුළින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම කෙරෙහි ආයතනයෙහි බලපෑම අවම කිරීම සහ මෙහෙයුම් පාරිසරික වශයෙන් තිරසාර බව සහතික කිරීම ද Fintrex හි අරමුණ වේ.