නියමයන් සහ කොන්දේසි


මෙම ප්‍රතිපත්ති ලේඛනය Fintrex Finance හි ආයතනික වෙබ් අඩවිය හරහා ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් ලබා දෙන තොරතුරු ආවරණය කරනු ලබයි. ඔබගේ පෞද්ගලිකත්වය සෑම ආකාරයකින්ම ආරක්ෂා කර ඇති බව ආයතනය  සහතික කර සිටින අතර මෙම වෙබ් අඩවියෙන් ලබාගත් ඔබව හඳුනා ගැනීමට භාවිත කළ හැකි දත්ත කිසිවක් වාණිජමය අරමුණු සඳහා තෙවන පාර්ශවයකට භාර නොදෙන බව ආයතනය සහතික කර සිටියි.

අප එකතු කරගන්නේ කවර තොරතුරුද?

දෘඩ පිටපත් පෝරම සහ ලේඛන පිරවීමෙන් හෝ දුරකථනය, විද්‍යුත් තැපෑල, ලිපි හෝ වෙනත් ආකාරයකින් හෝ ඔබ සමඟ අප පවත්වන සාකච්ඡා අතරතුරදී ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටීමට හැකිය.


අපගේ වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමේදී හෝ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමේදී, සුදුසු පරිදි, ඔබගේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය, තැපැල් ලිපිනය, දුරකථන අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට ඔබෙන් ඉල්ලා සිටිය හැකිය.

අප තොරතුරු ළඟ තබා ගන්නේ ඇයි?

අප ඔබගෙන් ලබා ගන්නා පෞද්ගලික තොරතුරු එසේ කිරීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවයක් පවතින බැවින් අප විසින් ළඟ තබා ගන්නෙමු. උදාහරණයක් ලෙස:

  • ඔබ අපගෙන් ඉල්ලා සිටින නිෂ්පාදනයක් හෝ සේවාවක් ඔබට ලබා දිමට;
  • ඔබ වෙත අපගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරිමට;
  • අදාල නෛතික, බදු හෝ ගිණුම්කරණ අවශ්‍යතාවයන්ට අනුකූල වීමට;
  • අපගේ නෛතික අයිතිවාසිකම් හෝ එවන් හිමිකම් පෑමක් ස්ථාපිත කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම සඳහා එවන්  හිමිකම් සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීම ඇතුළුව අප, ඔබ සහ අදාළ ඕනෑම තෙවන පාර්ශවයක් අතර ඇති ඕනෑම හිමිකම් පෑමක් හෝ පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටීම හෝ කළමනාකරණය කිරීමට; මෙයට ඔබ අපට එරෙහිව ඉදිරිපත් කළ හැකි හෝ උසාවියකට, නියාමන අධිකාරියකට හෝ ඔම්බුඩ්ස්මන්වරයෙකුට ඉදිරිපත් කළ හැකි පැමිණිලි සහ හිමිකම් ඇතුළත් වේ.

ඔබගේ පුද්ගලික තොරතුරු සැකසීමට අපට තවදුරටත් නෛතික අවශ්‍යතාවයක් නොමැති විට, අපි එය මකාදැමීම හෝ නිර්නාමික කිරීම හෝ එසේ කළ නොහැකි නම් (නිදසුනක් ලෙස, ඔබේ පුද්ගලික තොරතුරු උපස්ථ සංරක්ෂණාගාරයේ ගබඩා කර ඇති නිසා), එවිට අපි ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂිතව ගබඩා කර, තොරතුරු මකාදැමීමට හැකි වන තෙක් එය තවදුරටත් සැකසීම සිදු නොවන සේ හුදෙකලා කරමු.

අප ඔබගේ තොරතුරු ආරක්ෂා කරන්නේ කෙසේද?

අපගේ නෛතික අවශ්‍යතා මත (හෝ ඕනෑම තෙවන පාර්ශවයකගේ) අප ඔබේ පෞද්ගලික තොරතුරු එකතු කර භාවිත කරන්නේ නම්, එම නෛතික අවශ්‍යතා මොනවාදැයි අපි අදාළ අවස්ථාවේදී ඔබට පැහැදිලි කරන්නෙමු.


ඔබගේ තොරතුරු සුරක්‍ෂිත බව සහතික කිරීම සඳහා අපි කැපවී සිටිමු. ඒවා‌ට අනවසරයෙන් ප්‍රවේශ වීම හෝ එම තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා, අප අන්තර්ජාලය හරහා රැස්කරන තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සුදුසු භෞතික, විද්‍යුත් හා කළමනාකරණ ක්‍රියාපටිපාටි සකස් කර ක්‍රියාත්මක කරමු.

ඔබගේ තොරතුරු බෙදා ගැනීම

අපි ඔබේ පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු විකිණීම, වෙළඳාම් කිරීම හෝ වෙනත් ආකාරයකින් බාහිර පාර්ශ්වයන් වෙත මාරු කිරීම කිසිසේත්ම නොකරමු. අපගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීමට, අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට හෝ ඔබට සේවය කිරීමට අපට සහාය වන විශ්වාසදායී තෙවන පාර්ශවයන් මෙම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට එකඟ වන තාක් කල්, එම පාර්ශවයන් මෙයට ඇතුළත් නොවේ. නීතියට අනුකූල වීම, අපගේ වෙබ්අඩවි ප්‍රතිපත්ති බලාත්මක කිරීම හෝ අපගේ හෝ වෙනත් අයගේ අයිතිවාසිකම්, දේපළ හෝ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා එම තොරතුරු ලබා දීම සුදුසු යැයි අප විශ්වාස කරන විට අපි ඔබේ තොරතුරු ලබා දෙනු ඇත. කෙසේ වෙතත්, පෞද්ගලිකව හඳුනාගත නොහැකි අමුත්තන්ගේ තොරතුරු අලෙවිකරණය, වෙළඳ ප්‍රචාරණය හෝ වෙනත් භාවිතයන් සඳහා වෙනත් පාර්ශවයන්ට ලබා දිය හැකිය.

කුකීස් (cookies) භාවිතය

ඔබ අපගේ වෙබ් අඩවිය භාවිත කරන අවස්තථාවන් හිදී අපි ඔබේ පරිගණකය පිළිබඳ තොරතුරු රැස්කරගනු ඇත. අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ සුදුසු අවස්ථාවලදී අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම පිළිබඳ සංඛ්‍යානමය තොරතුරු සැපයීමට මෙයින් අපට හැකියාව ලැබේ.


එවැනි තොරතුරු වලින් ඔබව පෞද්ගලිකව හඳුනා නොගනී. එය අපගේ වෙබ් අඩවියට පිවිසෙන අමුත්තන් සහ ඔවුන් අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම පිළිබඳ සංඛ්‍යාන දත්ත වේ. මෙම සංඛ්‍යාන දත්ත මගින් කිසිදු පෞද්ගලික විස්තරයක් හඳුනා නොගනී.


ඉහත සඳහන් කළ හා සමානව, අප කුකී ගොනුවක් භාවිතයෙන් ඔබගේ සාමාන්‍ය අන්තර්ජාල භාවිතය පිළිබඳ තොරතුරු රැස්කරනු ඇත. භාවිතා කරන අවස්ථාවේ, මෙම කුකීස් ස්වයංක්‍රීයව ඔබේ පරිගණකයට බාගත වනු ලැබේ. කුකීස් වල ඔබේ පරිගණකයේ දෘඩ තැටියට සම්ප්‍රේශණය කරන තොරතුරු අඩංගු බැවින් මෙම කුකී ගොනුව ඔබේ පරිගණකයේ දෘඩ තැටියේ ගබඩා වේ. අපගේ වෙබ් අඩවිය සහ අපි ඔබට සපයන සේවාව වැඩි දියුණු කිරීමට ඒවා අපට සහාය වේ.

සියලුම පරිගණක වලට කුකීස් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඇත. ඔබ අන්තර්ජාලයට පිවිසෙන බ්‍රව්සරයේ සැකසුම සක්‍රිය කිරීමෙන් කුකීස් ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකියාව ලැබේ. ඔබ කුකීස් ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගන්නේ නම්, ඔබට අපගේ වෙබ් අඩවියේ සමහර අංශ වෙත පිවිසීමට නොහැකි විය හැකි බව කරුණාවෙන් සලකන්න.

වෙනත් වෙඩ් අඩවි වලට සබැඳි

අපගේ වෙබ් අඩවියේ අදාළ වෙනත් වෙබ් අඩවි වලට සබැඳි අඩංගු විය හැකිය. කෙසේ වෙතත්, ඔබ අපගේ වෙබ් අඩවියෙන් ඉවත් වීමට මෙම සබැඳි භාවිතා කළ පසු, එම වෙබ් අඩවියෙහි අප වෙත කිසිදු පාලනයක් නොමැති බව ඔබ දැනගත යුතු වේ. එබැවින්, එවැනි වෙබ් අඩවි වලට පිවිසීමේ දී හා භාවිත කිරීමේදී ඔබ විසින් සපයන ඕනෑම තොරතුරක් ආරක්ෂා කිරීම සහ ඔබගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් අපට වගකිව හැකි නොවන අතර මෙම පෞද්ගලිකත්ව ප්‍රකාශනයෙන් එවැනි වෙබ් අඩවි පාලනය නොකෙරේ. එහිදී ඔබ විසින් ප්‍රවේශම් සහගත විය යුතු අතර එම වෙබ් අඩවියට අදාළ පෞද්ගලිකත්ව ප්‍රකාශය කියවා බැලිය යුතුය.