සජීව සපුකොටන මහතා මූල්‍ය ක්ෂේත්රයේ වසර 29කට අධික අත්දැකීම් ඇති අයෙකි. ඔහුගේ වෘත්තීය පළපුරුද්ද The Finance PLC, Commercial Credit and Finance PLC සහ Vallibel Finance PLC හි ජ්‍යෙෂ්ඨ තනතුරු සමග ඔපවත් වී ඇත. ඔහු සතුව විවිධ අත්දැකීම් ඇති අතර, ඔහු දේපළ වෙළඳාම්, දේපල සංවර්ධනය, ක්ෂුද්‍ර මූල්‍ය, පාරිභෝගික භාණ්ඩ, කාලීන ණය, ස්ථාවර තැන්පතු යන අංශ වල පළපුරුද්ද සුවිශේෂී වේ , කුලි සින්නක්කර සහ කල්බදු වැනි අංශ වලද සුවිශේෂී පළපුරුද්දක් ඔහු සතුව ඇත
සපුකොටන මහතා එක්සත් රාජධානියේ Cardiff Metropolitan විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ආශ්රිත සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (CMSLIM) සහතික ලත් සාමාජිකයෙකි. ඔහු Lean Black Belt සහතික ලත් වෘත්තිකයෙකි.
නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය තුළින් කණ්ඩායම් දිරිගැන්වීමට සහ මෙහෙයවීමට ඔහු තුළ ඇති ආශාව ඔහුගේ ප්රගතිශීලී වෘත්තීය ජීවිතය පුරා වටිනා දායකත්වයක් ලබා දීමට හේතු වී තිබේ.Vallibel සන්නාමය වියාපාරික ක්ෂේත්රයේ ස්ථානගත කිරීම සඳහා ව්‍යාපාර සංවර්ධන කණ්ඩායම මෙහෙයවීමට ඔහු මූලික විය. ඉහළ කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක්, උපායමාර්ගික සහ ව්‍යාපාර සැලසුම්කරණය, ආයතනික පාලනය සහ කණ්ඩායමක් කරා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහු සතු විය. එමෙන්ම වෙළඳපල ඇගයීම සහ ව්‍යාපාර ඒකක වාණිජකරණය කිරීම, වැඩි වෙළඳපල කොටස ලබා ගැනීම සඳහා නිෂ්පාදන සංවර්ධනය සහ අලෙවිකරණය, ණය සහ අවදානම් කළමනාකරණය යනාදි අංශ වල දක්ෂතා දක්වා ඇති අයෙකි.