ජයතිලක බණ්ඩාර මහතා සුළු හා මාධ්‍ය පරිමාණ වියාපාර බැංකුකරණය, ෆැක්ටරින්, කල්බදු සහ කුලී සින්නක්කර සහ අනෙකුත් අංශ වලින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති අතර බැංකුකරණයේ අනෙකුත් ක්ෂේත්රවල වසර 31කට වැඩි පළපුරුද්දක් ඇති බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ වඩාත්ම ගෞරවනීය වෘත්තිකයෙකි.1989 දී Seylan Bank PLC හි සිය බැංකු ජීවිතය ආරම්භ කළ ඔහු පසුව 1998 දී UAE හි Emirates Bank International PJSC - Dubai හා සම්බන්ධ විය. බණ්ඩාර මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට බැඳීමෙන් බැංකු ධුරාවලියේ ඉහළටම ගමන් කළේය.
ඔහු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කුරුණෑගල ශාඛා කළමනාකාරවරයා ලෙස සම්බන්ධ වූ අතර එතැන් පටන් බැංකුවේ ප්රගමනයට මහත් ශක්තියක් වෙමින් කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර දක්වා ද ලගා වීමට සමත් විය.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ඉවත් වන විට ඔහු වාණිජ බැංකු අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති ලෙසත් ආයතනික කළමනාකාරිත්වයේ සහ තවත් කළමනාකරණ සහ මණ්ඩල කමිටු කිහිපයක සාමාජිකත්වයද හොබවා ඇත . ප්‍රතිඵල මත නැඹුරු වූ සහ ව්‍යාපාර මෙහෙයවන්නන් තේරුම් ගැනීමට ප්‍රබල විශ්ලේෂණ හැකියාවක් ඔහු සතුව ඇත, එසේම තිරසාර පාර්ශවකරුවන්ගේ වටිනාකම සහතික කිරීම සඳහා අසමානුපාතික වටිනාකම් බෙදා හැරීමක් නිර්මාණය කිරීම සඳහා සුදුසු ව්‍යාපාර සහ අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම තුලින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
බණ්ඩාර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වයෝමිං හි ඇමරිකන් සිටි විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ Wigan සහ Leigh විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු සුදුසුකම් ලබා ඇත.පුහුණුව හා සංවර්ධනය කෙරෙහි දැඩි උනන්දුවක් සහ විශ්වාසයක් දක්වන ඔහු දේශීය හා විදේශීය වශයෙන් කීර්තිමත් නායකත්ව සහ උපාය මාර්ගික කළමනාකරණ පුහුණු වැඩසටහන් රැසකටද සම්න්බන්ද වී ඇත.