ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා බැංකු හා මුදල් ක්ෂේත්රයන්හි ප්‍රවීණයෙක් වන අතර වික්‍රමසිංහ මහතා විසින් මූල්‍ය හා FMCG ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ දේශිය හා බහු ජාතික සංවිධාන සමඟ කටයුතු කරමින් වසර 35 කට අධික පුළුල් කළමනාකරණ අත්දැකීම් ලබාගෙන ඇත .
Fintrex Finance Limited සමග එක්වීමට පෙර, වික්‍රමසිංහ මහතා වසර නවයකට අධික කාලයක් Union Bank of Colombo PLC හි අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ අතර, 2024 අගෝස්තු මාසයේ ඔහු විශ්‍රාම යන තුරුම බැංකුව කැපී පෙනෙන වර්ධනයක් සහ නව්‍යකරණයක් කරා රැගෙන ගියේය. ඔහුගේ වෘත්තීය ජීවිතයට National Development Bank PLC හි ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරී ලෙස සේවය කිරීම ද ඇතුළත් වන අතර, එහිදී ඔහු බහුවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක් මෙහෙයවන ලද අතර ඒ අතර විකුණුම් බැංකුකරණය, සමාගම් බැංකුකරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සහ ව්‍යාපෘති මූල්‍යකරණය ඇතුළත් වන අතර එමඟින් උපායමාර්ගික හා ක්‍රියාකාරී විශිෂ්ටත්වය ඇති කරන ලදී.
මූල්‍ය ක්ෂේත්රයට පිවිසීමට පෙර, වික්‍රමසිංහ මහතා ප්රමුඛ බහුජාතික සංස්ථාවක් වන Reckitt and Colman of Ceylon Ltd හි FMCG ක්ෂේත්රයන්හි වටිනා අත්දැකීම් ලබා ගත් අතර, එහිදී ඔහු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ධුර කිහිපයක් දැරීය.
ඔහුගේ සංස්ථාමය කළමනාකරණ භූමිකාවන්ට අමතරව, වික්‍රමසිංහ මහතා Eagle Insurance/Aviva Insurance, NDB Capital Holdings PLC, NDB Securities (Pvt) Ltd, Development Holdings (Pvt) Ltd, The Credit Information Bureau of Sri Lanka, UB Finance PLC සහ National Asset Management Ltd ආදී සංවිධානවල විධායක නොවන අධ්යක්ෂකවරටයකු ලෙස විවිධ මණ්ඩලවල සේවය කර ඇත. ඔහු Financial Ombudsman Sri Lanka (Guarantee) හි සභාපති ධුරය ද දරා ඇති අතර Union Bank of Colombo PLC හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත.
වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙනa MBA උපාධියක් ලබාගෙන ඇති අතර Chartered Institute of Marketing (UK) හි සාමාජිකයෙකි. ඔහු National University of Singapore, University of Oxford (UK) හි the said Business School සහ INSEAD (France) ඇතුළු ප්‍රසිද්ධ ආයතනවල විධායක අධ්‍යාපන වැඩසටහන් හරහා තම ප්‍රවීණත්වය තවදුරටත් වැඩි දියුණු කර ගෙන ඇත.