ඉතිරි කිරීමේ ගිණුම්


Fintrex හි අප අපගේ ගනුදෙනුකරුවන් අතර ඉතිරි කිරීමේ යහ පුරුද්ද ඇති කිරීමට කැමැත්තෙමු. අපගේ ප්‍රධාන අරමුණක් නම් රටේ අනාගතය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ක්ෂේත්‍රයේ ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීමයි.

සාමාන්‍ය ඉතුරුම්


"විශිෂ්ඨ" ඉතුරුම් ගිණුම

වයස අවුරුදු 18 වැඩි ඕනෑම පුද්ගලයෙකුට Fintrex හි විශිෂ්ඨ ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැක. රුපියල් 1,000/- ක අවම තැන්පතුවකින් මෙම ගිණුමක් විවෘත කළ හැකිය.

"ශ්‍රේෂ්ඨ" ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම

අනාගත පරපුරට ජීවත් වීමට සහ යහපත් අනාගතයක් උදා කරලීමට කටයුතු කළ ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඇගයීමට Fintrex අප කැමැත්තෙමු. ඔබගේ ඉතුරුම් ගිණුමෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ජීවිතය විඳීමට අවස්ථාව සළසමින් තරඟකාරී පොලී අනුපාත අප ඔබට පිරිනමන්නෙමු.


ළමා ඉතුරුම් ගිණුම්


ප්‍රවිශ්ඨ

වයස 10ට වැඩි දරු දැරියන් ද අප ආවරණය කරන්නෙමු. අවුරුදු 10ට වඩා වැඩි දරුවන් වෙනුවෙන් ප්‍රවිශ්ඨ ගිණුම ආරම්භ කළ හැකි අතර ඉතුරුම් තැන්පතු සඳහා අප ඉතා තරඟකාරී පොලී අනුපාත ලබා දෙමු.